විද්‍යුත් මාධ්‍යය භාවිත කර කතෝලික ධර්මය පහදා දීමේ උතුම් අපේක්ෂාවෙන් ඔබ හමුවේ දිග හැරෙන මෙම ‍බ්ලොග් පිටුව අරමුණ ශුද්ධ වූ කතෝලික සභාවේ සාන්තුවරයන්, භාග්‍යවතුන් හා ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබඳව සරල ලෙස පහදා දීම විනා, වෙනත් කිසිඳු ආගමකට පහර ගැසීම හෝ අන්‍යාගමිකයන් කිතු දහමට හරවා ගැනීම නොවන බව අවධාරණය කරමි.
"ධර්මෝපදේශකයා" නමැති බ්ලොග් අඩවියේ අනු පිටුවක් වන මෙය මගින් ඔබට යම් කිසි දැනුමක් හෝ ප්‍රයෝජනයක් ලැබුණා නම්, ඔබගේ ජීවිතයට යම් යහපතක් සිදු වූවා නම්, එයයි මගේ සතුට හා පැතුම. ඔබට හැකි විට මෙහි පැමිණ බලන්න. මේ අඩවිය පිළිබඳව ඔබගේ කාරුණික අදහස් (Comment) දක්වන්නේ නම් ‍බොහෝ ස්තුති. එය මට වඩාත් හොඳ බ්ලොග් පිටුවක් ඉදිරිපත් කරන්න සහයක් හා මග පෙන්වීමක් වේවි.ඔබගේ අදහස් හා යෝජනා මෙහි Comment තීරයට යොමු කරන්න. ඔබට ස්තුතියි
ඔබට ජය
ජේසු පිහිටයි
ධර්මෝපදේශකයා

Ads 468x60px

Sunday, March 13, 2011

මනස්ස්ථාපනයට අප කැඳවන චතාරිකය

ක්‍රිස්තු වර්ෂ පස්වන හා හයවන සියවස් වල දී ‍රෝමයට එල්ල වූ මිලේච්ඡ ආක්‍රමණ වලින් අනතුරුව බිඳ වැටුණු රෝම සභ්‍යත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම පැවරුණේ ශුද්ධ වූ කතෝලික සභාවටය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 7 - 8 වන සියවස් වල දී මෙම මිලේච්ඡ පව්කාරයන්ව සුමගට ගැනීම සඳහා පශ්චාත්තාපික ක්‍රමවේදයක් අනුගමනය කෙරුණි. එනම්, ඔවුන්ට යහපත් කිතුනු වැඩිහිටියන්ගේ භාරකාරත්වය හා පූර්ණ සුපරික්ෂාව යටතේ ධර්මය, සුචරිතය හා නීතිගරුක ජීවිත පැවතුම් ඉගෙනීමට සලස්වා, ඉන්පසුව තම පව් වලට මනස්ස්ථාපනය වීමට සැලැස්වීමය. විශේෂයෙන් රෝමයේ හා ප්‍රංශයේ තපස්වරයන්ගේ බලපෑම් මත මෙම පිළිවෙත සිදු කිරීම සඳහා චතාරික කාලය යොදා ගැනිණ. චතාරිකය පටන් ගන්නා දවස ලෙසින් සැලකූ බදාදා දින එම පව්කාරයන්ව දේවස්ථාන ප්‍රධාන දොරටුව වෙත කැඳවා ගෝනි වැනි ර‍‍ළු ඇඳුම් අන්දවා හිස මත අළු හෝ දූවිලි තවරා ජන ශුන්‍ය පෙදෙසකට ගොස් යාච්ඤාශීලීව ජීවත්වීමට සැලැස්වීය. පසුකාලීනව ප්‍රසිද්ධ පව්කාරයන්ට පමණක් නොව සාමාන්‍ය කිතුනුවන් සඳහා ද මෙම ක්‍රම පිළිවෙත භාවිත කෙරුණි. 

මුල් කාලයේ දී චතාරිකය ආරම්භ වූ බදාදා දවස සාමාන්‍ය කිතුනුවන්ට නිරාහාර ශීලය රැකීමේ දවසක් ලෙසින් පැවතුණි. නළල මත අළු තැවරීමේ පිළිවෙත සාමාන්‍ය කිතුනුවන්ට ද භාවිත කිරීම ඇරඹීමත් සමගම එදවස "අළු බදාදා" ලෙසින් නම් කිරීමට යෙදුණි. මේ අනුව එදවසට අළු තැවරීම, නිරාහාරශීලය රැකීම, මාංශ අනුභවයෙන් වැළකිය යුතු හා මර්ධනාවේ පශ්චාත්තාපික ක්‍රියා කිරීම් කළ යුතු දවසක් ‍ලෙසින් පිළිගැනුණි.

නූතන නව ජනවන්දනා විශාරදයන්ට අනුව "අළු බදාදා" යනුවෙන් දවසක් අනවශ්‍ය බව කියති. මුල් කාලයේ දී මෙන් චාතාරිකය ඉරු දිනකින් ඇරඹීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ මතයය. ඔවුන් මෙම අදහස සනාථ කිරීමට හේතු සාධක දෙකක් ඉදරිපත් කරති.
  • ඉරු දිනය ජේසුස් ස්වාමින් වහන්සේගේ උත්ථානයේ දවසවීම.
  • කිතුනුවා උත්ථානය කරා ගමන් කරන්නෙකු වීම.
ඒ අනුව, ඉරු දිනය චතාරිකයේ වැදගත්ම දවස වන්නේ නම්, අළු බදාදා සිට එම සතියේ ම සෙනසුරාදා දක්වා කාලය "පූර්ව චතාරික කාලය" ලෙසින් නම් කිරීම සුදුසු බව ද ප්‍රකාශ කරති. කෙසේ වුවද සති හයකින් යුත් මෙම කාල සීමාව තුළ තම පාපී ස්වභාවය පිළිගෙන ඊට මනස්ස්ථාපනය වීමත්, සැබෑ ජීවිත වෙනසක් ඇති කරගෙන ආධ්‍යාත්මිකව වර්ධනය වීමටත් ස්ථිර අදිටනින් යුතුව ක්‍රියා කළ යුතු කාලයක් ලෙස චතාරිකය යොදා ගැනීම සුදුසු වේ. 

0 comments:

Post a Comment

LET US RESITE THE ROSARY